වයස ටිකක් විතර මෝරල උනත් අපිටත් වඩා කුරුල්ලෙක් වගේ තමා ඇම්ඩා ඉන්නෙ. දවසක් මෙයා යාලුවෙක් හම්බු වෙන්න යාලුවගෙ ගෙදරට ගිහින්. ඒ යාලුව රැකියාව විදිහට කරේ ඔය රක්ෂණ සමාගමක ඉහල තනතුරක් දරපු එක අලෙවිකරණය සම්බන්ධයෙන්. ඒ අයගෙ සාමාන්ය දින චරියාව ගෙවෙන්නෙ වෙලාවක් කලාවක් නැතුව පාරිභෝගිකයො මුන ගැහෙන්න යන එකෙන්නෙ. ඉතිං මෙදා මේ යාලුවටත් වෙලා තිබ්බෙ ඔය වගෙ වැඩක් තමයි.
වාහනේ යන අතරෙ දෙන්න අතරෙ කතාව මෙහෙමයි
ඇම්ඩා - මචං මේ අපි කොහෙද යන්නෙ දැං?
යාලුවා - ආ මචං අපි මේ යන්නෙ මහරගම කිට්ටුවටනෙ. මට පොඩි වෙලාවක් දියං ඊට පස්සෙ කොහෙට හරි සෙට් වෙමු
ඇම්ඩා - ආ එළ එළ. මම වයිෆ්ට කියන්නම් පොඩ්ඩක් රෑ වෙනවා කියල.
(වයිෆ්ට කෝල එකකුත් දුන්න ලු යන අතරෙම)
ඇම්ඩා - මචං ඔය මහරගම හරියෙ තියෙනවලු මරු මසාජ් ක්ලිනික් එකක්.
යාලුවා - උඹ කොහොමද දන්නෙ?
ඇම්ඩා - එදා මම දැක්ක බොරැල්ලෙ හන්දියෙ බඩු සෙට් එකක් කාඩ් බෙද බෙදා හිටියා. මටත් උං කාඩ් වගයක් දුන්නා
යාලුවා - කෝ කාඩ් තියේද ලඟ? යන්න තිබ්බා
ඇම්ඩා - මම ඔය ගල් අස්සෙ රිංගන්න යන්නෙ නෑනෙ බං. මම ඒක කාටද දුන්න වගේ මතකයි
ඔහොම ගිහින් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාල ගෙදර එහෙමත් ගිහින් නිදාගත්තලු.
පහුවදා උදේ ඇම්ඩාගේ බිරිඳ හොඳ හිනාවක් එහෙම දාල අහනවලු ඇම්ඩාගේන්
“ඔයා ඊයෙ මට ගෙදර එන්න රෑ වෙනව කියල කෝල් කරල ඉවර වෙලා කෝල් එක කට් කලාද?”
ඇම්ඩට ඒ වෙලාවෙ උදැල්ලක් හම්බු වෙලා නෑ. හම්බු උනානං තාම හාරනවලු.
.
.
වැඩ්ඩොන්ට විතරයි මේක තේරෙන්නේ
.
.
වැඩ්ඩොන්ට විතරයි මේක තේරෙන්නේ
No comments:
Post a Comment