Thursday, March 22, 2018

තණකොල කපන මැෂින් එක


ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැන
තියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක්
තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර
වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට
පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න.
දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙම
කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවද?
ඇම්ඩා : ඔව්
දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.
ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක්
තියනවා කියන එකයි. ඔබට ගෙදරක්
තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ
කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන
බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම
හරිද?
ඇම්ඩා : හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන්
තර්ක ශාස්ත්රය තේරුනා.
දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක්
හම්බ වෙනවලු.
ඇම්ඩා : මචං උඹ දන්නවද තර්ක ශාස්ත්රය ගැන?
යාලුවා : නෑ බං..
ඇම්ඩා : මම දන්නවා. මම උඹට කියලා දෙන්නම් උඹට
තණකොල කපන මැෂින් එකක් තියෙනවද?
යාලුවා : නෑ
ඇම්ඩා : නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්

No comments:

Post a Comment