ඔන්න අපේ ඇම්ඩා සූටිම සූටි කාලේ වෙච්ච සිද්දියක් තමයි මේක. අපේ ඇම්ඩා ඉතින් දුර ගමනක් ගිහින් අම්මත් එක්ක ටැක්සි එකකින් ගෙදර යන්න පිටත් උනා.මේ වෙලාවේ පොඩි පොදයකුත් තිබුනු නිසා පාරෙත් ටිකක් ට්‍රැෆික්.ඒ නිසා ගොඩක් හෙමින් තමා ටැක්සි එක ඉස්සරහට ගියේ.මේ වෙලාවේ පාර අයිනේ ගණිකාවෝ රැස් කකා ඉන්නවලු ගනුදෙනුකාරයෙක් ලැබෙනකම්.මේ අයව දැක්ක අපේ ඇම්ඩා අම්මගෙන් අහනවලු
“අම්මේ මේ ආන්ටිලා මේ වෙලාවේ මොකද මේ පාරේ කරන්නේ?”
පොඩි එකාට මේවා කියන්නත් බැරි හින්දා අම්මා මෙහෙම කිව්වා
”පුතේ ඒ ආන්ටිල ඒ ආන්ටිලගේ හස්බන්ඩ්ලා එන්කම් ඔය බලන් ඉන්නේ ගෙදර යන්න”
පිටි පස්ස හැරිලා අම්මා දිහා අප්‍රසාදයෙන් බලපු ටැක්සි ඩ්‍රැයිවර්
“නෑ බබෝ, මේ ගොල්ලේ සල්ලිවලට හුකාගන්න අය… එයාලට කියන්නේ ගණිකාවෝ කියලා” කියලා කිව්වා.
ඊට පස්සේ අම්මා දිහා බලපු ටැක්සි ඩ්‍රයිවර් ආයෙත් මෙහෙම කිව්වා .
”පොඩිළමයින්ට බොරු කියන්න නරකයි මැඩම්..අපි ඇත්ත කියන්න ඕනි”
මේක අහපු අපේ ඇම්ඩගේ ඇස් උඩ ගියා (පොඩි කාලේ නිසා). අම්මටත් ඉතින් මේ ටැක්සිඩ්‍රයිවර් කරයා එක්ක ඌරු ජුවල්.ඒත් ඉතින් ඇම්ඩා ඉන්න නිසා බනින්න විදිහකුත් නෑ.ටික වෙලාවක් ගිහින් අපේ ඇම්ඩාට තව ප්‍රශ්ණයක්.
"එතකොට අම්මේ මේ ආන්ටිලට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ ”
ඒක ඇහුවා විතරයි අම්මත් ඉතින් ඇගට පතට නොදැනී කියලා දැම්මා
”ආ එයාලා තමා පුතේ ලොකු උනාම ටැක්සි ඩ්‍රයිවර්ලා වෙන්නේ ”
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
No comments:
Post a Comment