Tuesday, February 27, 2018

තාත්තයි පුතයි


එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා පුරුදුයි වගෙත් ලු.මු ලගට ගිහින් කතා කරාලු අර අනිත් පොරට ටික වෙලාවක් යනකොට දෙන්න හොදටම ෆිට් වෙලා බදාගෙන එහෙම ගෙදරත් පයින්ම යන්න සෙට් උනාලු.ඔන්න දැන් ඇම්ඩා ගෙදර ලග නතර වෙලා මෙහෙම කියනවලු.
ඇම්ඩා:හරි බොක්ක මම එහෙනම් කැපුනා.මේ තමයි මගෙ ගෙදර.
අනිත් එකා:උබට පිස්සුද හු@$ උබ කොහෙ යන්නද මේක මගෙ ගෙදරනෙ.
ඇම්ඩා:උබ නිකන් මෙතන පිස්සු හු@$& නම් ලෑස්ති වෙන්න එපා.උබට වැඩියි ගෙදර පලයන්
අනිත් එකා:නෑ ඕයි මේක මගෙ ගේ.උබ කොහොමද ඔප්පු කරන්නෙ මේක උබේ කියලා
ඇම්ඩා:අන්න උබ නියම තැනට ආවා මල්ලි මේ ගෙදර ඉන්නෙ මගේ වයිපරෙයි මගෙ පුතයි.
අනිත් එකා:පිස්සුද බන් උබට මේ ගෙදර ඉන්නෙ මගෙ තාත්තයි.අම්මයි.අපි ඕන නම් මේ ගෙදරට තට්ටුවක් දාලා බලමු කවුද හරි කියලා.
දොර විවෘත කරමින් කාන්තාවක් එලියට එයි.
ඇම්ඩා:නෝනෙ නොනෙම කියන්න බලන්න මේ ගෙදර කාගෙද කියලා.මේ මල්ලි කියනවා මේ ගෙදර මේ මල්ලිගෙලු.
කාන්තාව:ආහ්හ් දැන් තාත්තයි පුතයි එකට වගෙ සෙට් වෙන්නෙ.වරෙන්කො ගේ ඇතුලට


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment