දැන් ඔය හැමෝම අහල ඇතිනේ ධාතු බැංකු ගැන. අපේ ඇම්ඩගේ වයිපරේ සුමනාටත් බැන්ද අලුත ඔයින් එකක නයිට් shift එක කරන්න ජොබ් කට්ටක් සෙට් උනාලු. ඕකෙ ඉතින් මහා රෑ කරන්න කියල එච්චර වැඩකුත් නැති එකේ මේ සුමනත් හිටියලු පොතක් කියව කියව රිසෙප්ෂන් එකට වෙලා.. ඔන්න එතකොටම සුමනට ඇහෙනවලු බැංකුවේ දොර ඇරෙන සද්දේ. මේ මහරෑ කව්ද බොලේ එන්නේ කියල සුමණා හැරිලා බලද්දිම බුදු අම්මේ මෙන්න, කළුම කළු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක්, කළු පාට වෙස්මූනකුත් මූණ වැහෙන්න දාගෙන, පිස්තොලෙකුත් දික්කරගෙන එනවා සුමණා ඉස්සරහටම… ගෑනි බයවෙච්චි පාර කෑ ගහන්න හදනකොටම අර හොර වගේ එකා කිව්වා,
” කෑගහන්න එපා….
කෑ ගැහුවොත් තියෙනවා ඔලුව කුඩුවෙන්න.. කට වහගෙන ඇරපන් තියෙන සේප්පු ඔක්කොම” කියල …
සේප්පු ඇරියට ඉතින් සල්ලි නැනේ.. සුමනත් ඉතින් කට වහගෙන ඉන්න දන්නැති ජාතියනේ.. ඉතින් මේකි කියපි
” අනේ අය්යේ මේක ඔයා හිතන විදිහේ බැංකුවක් නෙවෙයිනේ..
මේක ධාතු බැංකුවක්.. මේකේ සල්ලි නැනේ” කියල..
එත් අර හොර නෙවෙයි ඕව අහන්නේ… මේකේ සල්ලි නෑ කියා කියා අඩන සුමනාවත් ඇදගෙන ගියා සේප්පු තියෙන තැනට.. දැන්නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ.. මේ මෝඩ හොරට මේවා පැහැදිලි කරලා නිකන් මැරුම් කන්නත් බැනේ.. සුමනත් ඉතින් ඕන පුකක් කියල ඇරියා තිබ්බ පලවෙනි සේප්පුව..
“දැක්කද…. අය්යට කිව්වට ඇහුවේ නැනේ මේවගේ සල්ලි නෑ… ” කියල නොන්ඩියට වගේ කිව්වලු ඈ..
එත් හොරා තාමත් පිස්තොලේ දික්කරගෙනම බයානක විදිහට කිව්වලු
” මට සල්ලි ඕනි නෑ යකෝ.. ගනින් ඔය #රි ටෙස්ට් ටියුබ් එකක් අතට ”කියල…
සුමණා බය වෙචිචි පාරට ගත්තලු තිබ්බ පලවෙනි ටෙස්ට් ටියුබ් එක..
” දැන් බීපිය ඕක ”
කෙල්ලට ඕඩර් එක හොරගෙන්.. සුමණත් ඉතින් ජීවිතේ වැදගත්නේ වෙන මොකටත් වඩා කියල බිව්වලු එක හුස්මට ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ඔක්කොම බඩු ටික.. හොරට එත් මදි
“බීපිය තව එකක්” කිව්වලු,
සුමණා බයේ අඩ අඩා තව එකක් බිව්වලු.. හොරා එත් දරුණුයි.
” තව එකක් බීපන්”
සුමණා තවත් එකක් බිව්වා..ඔහොම ඔහොම සේප්පුවේ තිබ්බ ඔක්කොම ටෙස්ට් ටියුබ් ටික බොනකන් හොරා හිටියලු පිස්තොලේ දික්කරගෙන.. සුමණා දැන් බොන්නේ අන්තිම ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ටිකලු… ඔන්න එකත් බීල ඉවරයි.. මෙන්න බොලේ එක පාරටම අර මහා බයානක හොරා වගේ එකා හිනා වෙන්න පටන් ගන්නවා.. සුමණාටත් දැන් ටියුබ් ලයිට්.. ඇයි යකෝ මෙච්චර වෙලා හරි බයානක විදිහට හිටපු හොරා හෙන සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තනේ..ඊලගට හොරා ආවලු අයිමත් සුමණා ලගට.. ඇවිල්ල ගැලෙව්වලු අර කළු වෙස් මූණ.. හත්වලාමෙට ගහපු කලාබරේ කිව්වලු.. මෙන්න බොලේ හොරා වගේ ඇවිත් ඉන්නේ අපේ ඇම්ඩා. ඇම්ඩට නම් තාමත් හිනා.. හිනා වෙවීම ඇම්ඩා කියනවලු.
"දැක්කනේ, ඕව වස නෙවෙයි……ගෙදරදී කිව්වට තමුස කවදාවත් අහන්නෙ නෑනේ"
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
No comments:
Post a Comment