Tuesday, February 27, 2018
හුමත් මකන්නද?
බාලාංශ ගණිත පාඩමේ එදා තිබුණේ 8 ඉලක්කම ගැනයි.. ගුරුතුමී අටේ ඉලක්කම මුලින් උගන්වා පසුව "අට" අකුරින් ලියා එය තම පොත්වල සටහන් කරගන්නා ලෙස දැන්වීය...
මේ අතර ඇම්ඩන් සහ යාළුවා හෙන කතාවක් දාගෙන සිටියේය.. 'අට' මකන්න ගුරුතුමී සූදානම් වනවිට ඇම්ඩාගේ යාළුවා ලියාගත්තත් ඇම්ඩාට ලියාගැනීමට නොහැකිවිය ඇම්ඩා යාළුවාගෙන් බලාගෙන ලියාගත්තේය..
"ළමයි දැන් පොත් ගේන්න ලියාගත්තුව බලන්න.."
ඇම්ඩාගේ යාළුවාගේ පොත අතට ගත් ගුරුතුමී .....
මොකක්ද සිරිපාල මේ මේ ලියල තියෙන්නෙ මම ලිව්වෙ "අට" ඔයා ලියල තියෙන්නෙ "හුට" කියල...
"හා හා ඉක්මනට හුට මකන්න හුට මකන්න"
ගුරුතුමී කී දේ ඇසුණු ඇම්ඩා බලන විට යාළුවාගෙන් බලාගෙන තමන්
ලියාගෙන තියෙන්නෙ "හුම" කියාය.
පන්තියෙ කෙළවර සිටි ඇම්ඩා එතන සිට මහසද්දෙට්ට
" ටීචර් හුමත් මකන්නද " කියා කෑගැසුවේය...
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment