Monday, February 12, 2018

ඔය පැණි ටිකත් කන්න මැණික


ඔන්න දවසක් අපේ ඇම්ඩගේ පන්තියේ ටීච ළමයින්ට රසෙන් ඒ මොනවද කියලා අඳුර ගන්න පුරුදු කරන පාඩමක් කරාලු. ඊට කලින් දවසේ හැම එක්කෙනාටම මොනවා හරි කෑමක් ගෙන්න කියලත් ටීච කිව්වලු.
පොඩි උන් එක එක ජාතියේ කෑම උස්සන් ඇවිත් පාඩමට ලෑස්ති වෙලා ඉන්නවලු. ඔන්න ටීච පන්තියට ඇවිත් ළමයින්ගෙන් තම තමන් ගෙනාව කෑම ඔක්කොම ගුරු මෙසේ උඩට ගෙන්න ගත්තලු. දැන් එක එක ළමයට ඉස්සරහට කතා කරලා ඇස් දෙක රෙදි පටියකින් බැඳලා කෑම ජාති මාරු කරලා පොඩි එවුන්ගේ කටේ උලනවලු.සීනි, දොඩම්, අඹ, ලෙමන් පොඩි උනුත් කාල රස මොකක්ද කියල අඳුරගෙන පැන පැන උත්තර දෙනවලු.
ඔන්න පන්තියේ ඉන්න ඇම්ඩන් කොලුවා ආවලු ඉස්සරහට. ටීච කරපු වැඩේ මී පැණි (honey) බෝතලෙකින් ටිකක් අරන් ඇම්ඩගේ කටේ ගෑවලු.
ගාලා ඇහුවලු හා පුලුවන්නම් කියන්න පුතා මොනවා ඔය ජාතිය කියලා.
අරු දැන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නවලු උත්තරේ දෙන්නේ නැතුව. ටීච පොඩ්ඩක් උත්තරේ ලේසි කරන්නත් එක්ක පොඩි ඉඟියක් දුන්නලු.
”හැම තාත්තලා වගේම පුතාගේ තාත්තත් ආදරේ වැඩි උනාම අම්මාට මේක කියලා තමයි කතා කරනවා ඇත්තේ. හා දැන් කියන්න බලන්න.“
අරුට එක පාරටම මතක් උනාලු උත්තරේ.
”අනේ මන්දා ටීච ඒක පැණි රසද කියලනම්, එත් අපේ තාත්තා ඒ වෙලාවට අම්මට කියන්නේනම් ඔය පැණි ටිකත් කන්න මැණික කියලානේ ටීච"
කිව්වලු.උත්තරේ අහපු ගමන් ටීච කලන්තේ දාල ඇදගෙන වැටුනලු.

No comments:

Post a Comment