Monday, December 11, 2017

බාර් එක


ඔන්න දවසක් අපේ ඇම්ඩා ගියාලු බාර් 1ට.මිනිහට මේ දවස්වල පවුල් ප්‍රශ්නත් වැඩි නිසා කරටි කැඩෙන්නම ගැහුවලු.බාර් 1කෙ වැඩ කරන කොල්ල දැක්කලු ඇම්ඩට හොදටම වැඩියි කියලා.ඉතින් ඒ කොල්ලා ඇම්ඩා ලගට ඇවිත් කිව්වලු මහත්තයට දැන් හොදටම වැඩියි තවත් බොන්න දෙන්න එපා කියලා අපේ ලොක්කා කිව්වා කියලා.ඉතින් ඇම්ඩා ටික වෙලාවකින් නැගිටලා යන්න ගියාලු.මෙන්න තව ටික වෙලාවකින් ගියපු ඇම්ඩා ආයෙ එනවලු අනිත් දොරෙන් ඇතුලට ආයෙත් අර කොල්ල කිව්වලු මහත්තයට වැඩියි තව දෙන්න විදිහක් නෑ කියලා.ඉතින් ඇම්ඩා ආපහු ගියාලු.මෙන්න ආයෙත් ඇම්ඩා එනවලු මේ පාර නම් කොල්ලට මලලු.කොල්ලා මෙහෙම කියනවලු මහත්තයා මාර වදයක්නෙ කී පාරක් කියන්න ඕනෙද බොන්න දෙන්න බෑ කියලා.මේක අහපු ඇම්ඩට ඊට වඩා මලලු.ඇම්ඩා මෙහෙම කියනවලු ඇයි හු@$ගෙ කොලුවො මම දැන් බාර් 3කටම ගියා ඒ හැම හු@$%ම වැඩ කරන්න ඉන්නෙ උබ විතරද?

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment