Thursday, December 21, 2017

අලුතින් ආපු මිස්


අපේ ඇම්ඩගෙ ස්කෝලෙට අලුතින් මිස් කෙනෙක් ආවලු.මිස් පට්ට කෑල්ලලු.සාරිය ඇන්දට ෆුල් එයාර් කන්ඩිෂන් කරලලු තියෙන්නෙ ඒක නිසා කස්ටියටම මිස් ගැන බැලෙනවත් වැඩිලු.කරුමෙටම ඒ මිස් සෙට් උනෙත් ඇම්ඩගෙ පන්තියටලු.ඔන්න මිස් පන්තියෙ උගන්නනවලු හැබැයි කිසිම නෝට් එකක් දුන්නෙ නෑලු පලවෙනි දවස නිසා ඒත් එක ලමයෙක් විතරක් මොනවද කොල කෑල්ලක කුරුටු ගානවා පේනවලු.බැලින්නම් ඒ අපෙ ඇම්ඩලු.මිස් හිතුවෙ මේ ලමයා හොදට ඉගෙන ගන්න ලමයෙක් මම නෝට් එකක් දෙන්නෙ නැතුවත් මේ ලමයා නෝට් ලියනවනෙ කියලා.මිස් ඇම්ඩා ලගට ගිහින් ඇම්ඩගෙ නෝට් 1 ඉල්ලුවලු බලන්න.ඇම්ඩා අදිමදි කරනවලු.ඒක දෙන්න.කොහොමහරි මිස්ගෙ බලකිරිම හින්දා ඇම්ඩට කොලෙ දෙන්න උනාලු.කොලෙ මෙහෙම තියනවලු,

නැමිලා දෙකට ගත්තා හුනු කොට්ටෙ
කලිසම ගිහින් වැදුනා මේසෙ ගැට්ටෙ
මැද දාරයට හිර වි ඇගෙ රතු හැට්ටෙ
නටනවා වගෙයි තාලෙට වැල එක නැට්ටෙ

මුල්ලට වෙන්න නෙරියෙ රැලි ගොඩ ගැහිලා
සතපනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදි වැදි යන විට මා පහු කරලා
නොබලා ඉන්නෙ කොහොමද මම ඇස් වහලා

හිර කර ඇගිලි තුඩුවට රට හුනු කෑලි
ඉස්සී පහත් වී ලියනා විට පේලි
මතුවන දාරයෙ ලස්සන හැඩ කෑලි
නොලියා ඉන්නෙ කොහොමද මේ කව් පේලි

රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසෙන්නෙ
සිහිනෙන් වගෙ මොනවද මේ පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගෙ මතකෙට එන්නෙ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නෙ

මල් සාරියට නම් ඈ හරි හැඩකාර
නොබලන දෑස් නම් හරියට පවුකාර
නොබලා ඉන්න හැදුවත් ඇස් කී පාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර

නැමුනා එක වරම ඈ ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වාගෙ බිමට
පැත්තට පේන දර්ශනයෙ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට

දැන්නම් තවත් බෑ ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරුවට නග්ගන්න
හබල අලුත් හින්දා බෑ දුර යන්න
කෙටි පාරකට පුලුවන් නම් හරවන්න

පින්කර තියෙනවා මගෙ ඇස් දෙක හොදට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට

මේක දැක්ක ගමන් මිස්ට යකා නැගලා ඇම්ඩා පිනා ලගට එක්කගෙන ගියාලු.පිනා මිස්ගෙ අතේ තියෙන කොලෙ කියවලා මිස්ට ඇහැකුත් ගහලා කියනවලු මිස්ව දැක්කම මට හිතුනෙත් ඔය ටිකමයි.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment