Monday, December 11, 2017

ඉතුරු මුංඇට තුන


අපේ ලැම්ඩට පට්ට කෙල්ලක් සෙට් වෙලා.පට්ට ලව.ලැම්ඩා කවදාවත් කෙල්ල මොනව කරත් කිව්වත් ඒකිට බනින්නේ නෑ.මේ දෙන්න කවදාවත් වචනෙකින්වත් රණ්ඩු වෙලා නෑ.වෙන්නෙත් නෑ.
කොහොමහරි ඉතිං ලැම්ඩා කෙල්ල්ව බදිනවා.ලැම්ඩා කෙල්ලට පුදුම ආදරයක් තියෙන්නේ.කෙල්ලත් ලැම්ඩට ඒ වගේම ආදරෙයි.මෙයාලා දෙන්නා මොනව කරත් කරන්නේ එකටමයි.හදිසියේම ලැම්ඩට වැඩකට මාස 3කට පිටරට යන්න වෙනවා.කෙල්ල හෝ ගාලා අඩනව අවුලට.ලැම්ඩටත් මාර අප්සට්.ඔන්න ඉතිං ලැම්ඩ එයාර්පෝට් එකට ගිහින් කෙල්ලව බදාගෙන අඩලා කෙල්ලට කිස් එකක් දීලා පරිස්සමෙන් ඉන්න කියලා යනවා.ඔන්න ඉතිං මාස තුනකට පස්සේ ලැම්ඩ එනවා රට ගිහිං.කෙල්ලට ඉතිං මාර සතුටුයි.ලැම්ඩට පට්ට මහන්සි නිසා වේලපහින්ම නිදාගන්න ඕන කියලා හිතුනලු.ලැම්ඩා කාමරේට ගිහිං ඇද අස් කරද්දී කොට්ටේ යට මුං ඇට තියෙනව දැකලා කෙල්ලගෙන් අහනව ඇයි මේ මුං ඇට කියලා.කෙල්ල අම්බානෙට ඉකි ගගහා අඩනවා.
ලැම්ඩා - ඇයි සුදූ අඩන්නේ? මං ඔයාට බැන්නද? ගැහුවද? සැර කලාද?මං ඇහුවේ ඇයි මේ මුං ඇට 3ක් කොට්ටේ යට තිබ්බේ ඇයි කියලනේ?
කෙල්ල - රත්තරං ඔයා නැති ටිකේ ඇම්ඩා මගේ තනියට මෙහෙ ආවා.එයා ආපු දවස් ටිකේ මං මුං ඇට කොට්ටේ අස්සේ දැම්ම.
ලැම්ඩා - හා කමක් නෑ සුදූ.මාස තුනටම තුන් පාරනේ.මං ඔයාට සමාව දෙන්නම්.දැන් අඩන එක නවත්වන්න.නිදාගන්න යමු එන්න.එහෙම කියද්දි කෙල්ල තවත් අඩනවා.ලැම්ඩත් මාර අවුලකට වැටිලා.කෙල්ල අඩනවා දැකලා මූට මාර දුකයි.
ලැම්ඩා - අනේ සුදූ අඩන එක නවත්වන්න.මං ඔයාට සමාව දුන්නනේ.ඇයි මේ ආයිත් අඩන්නේ?
කෙල්ල - අනේ රත්තරං හදිස්සියක් වෙලා මං මෙතනින් මුං ඇට කිලෝ දෙකක් විකිනුවා.ඔය තියෙන්නේ ඉතුරු මුංඇට තුන.......


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment