Sunday, January 21, 2018

වෘෂණ කෝශ වල ආබාධය


ඔන්න අපේ ඇම්ඩා විභාග එහෙම හොදට පාස් කරලා දොස්තර කෙනෙකුත් උනාලු. දැන් ඔන්න ඇම්ඩා ඩිස්පෙන්සරියක් එහෙම කාරිය දාගෙන එන්න එන්නම දියුණු වෙනවලු. ඇම්ඩා ඩොක්ටර් උනාට මොකද specialize කලේ 'ලිංගාශ්‍රිත රෝග'. දවසක් වයසක සීයා කෙනෙක් ආවලු වෘෂණ කෝශ වල ආබාධයක්, එක පැත්තක පොඩි කැක්කුමක් වගෙ සුළු ලෙඩක්. පොරත් ගියා ඉතින් අපේ ඇම්ඩා දොස්තර මහත්තයව හම්බු වෙන්න, මේ දවස් වල ඩොකාලා වැහි වැහැලා. ඉතින් චැනල් කරන්න අරව මේව ප්‍රශ්න නැහැ, දොස්තරත් ඉන්නෙ බාගෙට වගෙ වේලි වේලි.ගිහින් කිව්වා තමන්ගෙ අමාරුව. ඇම්ඩත් ලෙඩාව හොඳට පරීක්සා කොලා. ඒ කියන්නේ අතගාල, මිරිකල, කරන්න ඕනෙ දේවල් ඔක්කොම කළා. ලෙඩේ තිබුනේ සීයගේ වම් පැත්තෙ ඇටේ පොඩි ලෙඩක් ,රෙපෙයාර් කරන්න බැරි තරං අස්පෙට් එකකුත් නැහැ , හැබය් රෙපෙයාර් කොරන්න ඇටේ එලියට ගන්න ඕනෙ.
ඉතින් අපේ ඇම්ඩා ඔක්කොම කලමනා එහෙම ලෑස්ති කරල ලෙඩාව ගත්ත සර්ජරියට.ඉස්සෙල්ලම කලේ ඇඳේ බාවල සිහිය නැතිවෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහපු ඒක. ඊට පස්සෙ අවශ්‍ය හරිය හීනියට කපලා ඇටේ එලියට ගත්තා. අරගෙන විෂබීජ එහෙම ඉවත් කරාපු ට්‍රේ එකක, ඒක පැත්තකින් අරන් තිබ්බ. ඊට පස්සේ පටන් ගත්ත ඉස්සෙල්ලම කරන්න ඕනෙ වැඩ ටික, ඒ කියන්නෙ තුවාලෙන් ලේ නවත්තන වැඩ එහෙම.
මේ අස්සේ අපේ ඇම්ඩගේ වල්සේෂන් ටොමිය, ආවා සර්ජරිය ඇතුලට. ඌ දැක්කා ට්‍ර්ර් එක උඩ දිලිසි දිලිසි තියෙන සීයගේ වම් ඇටේ. ටොමිය දැක්ක ගමන් දෙපාරක් හපලා එහෙන්මම ගිල්ලා ඇටේ. ඇම්ඩා හැරිලා බලන් කොටත් බඩු ටොමියගේ බඩේ. දැන් ඇම්ඩා දහ අතේ කල්පනා කරනව මොකද කරන්නෙ කියල. වැඩිය කල්පනා කරන්න වුනේ නැහැ, ඇම්ඩන් මොලේට ආව නියම idea එකක්. නිකංයැ වෛය්ද්ධය උපාධිය ගත්තේ
ටොමියගෙ පස්සෙන් එලෝල අල්ල ගත්ත, ගෙනාව සර්ජරියට, දුන්න ටොමියටත් සිහිය නැති වෙන්න ඉන්ජෙක්ෂන් එකක්. කැපුව උගෙත් වෘෂණ කෝෂ, ගත්ත උගේ වම් පැත්තෙ ඇටේ, එහෙම්මම බද්ධ කළා තවමත් සිහිය නැතුව දිගා වෙලා ඉන්න අපේ ලොකු උන්නැහැට.ලොක්කට සිහිය ආවම, තව දවස් තුනකින්ද කොහෙද මැහුන් කපන්න එන්න කියල ඔපරේෂන් එකේ ගාස්තුවත් අය කොරගෙන, පොර ව ගෙදර ඇරිය.
නියම කරාපු දවස් ගණනෙන් සීයා ආව මැහුන් කපා ගන්න. අපේ ඇම්ඩා මැහුන් කැපුව විතරක් නෙමෙය් හොඳට ලෙඩාව පරීක්ෂා කරල එහෙම, මැහුන් කපාපු එකේ ගාස්තුවත් අය කරගත්ත. පස්සෙ ඇහුව
“ලොකු උන්නැහ මුකුත් අස්පෙට් එකක් එහෙම නැහැ නේද?” කියල.
සීයත් ඉතින් කියලා දැම්මා
“කියන්න තරං දෙයක් නං නැහැ මහත්තයො ඉතින්, ඒ වුනාට මුත්‍රා කරන කොට වම් කකුල පොඩ්ඩක් ඉස්සෙනව, ඒක නම් ඔහේ ඇරිලා යයි මයෙ හිතේ” කියල.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment