Saturday, January 27, 2018

'අමාවතුර' ලිව්වෙ කවුද?


ඔන්න ඇම්ඩ පොලිසීයෙ සාජන් කෙනෙක්ලු. මූ කොයි වෙලෙත් ලොක්කා පස්සෙමලු.
ඉතින් පොලිසීයෙ ඉන්ටර්විව් එකක් තිබ්බලු පොලිසියට බදවගන්න.. ඉතින් ලොක්කාලු ඉන්ටර්විව් කලේ.. ඉතින් ඔන්න එකෙක් එනවලු.. ලොක්කා ඇහුවාලු මිනිහගෙන් 'මඩොල් දූව' ලිව්වෙ කවුද කියලා.. මූ පැනලා මාර්ටින් වික්‍රමසිංහ කිව්වලු, ඊටපස්සෙ ලොක්කා ඇහුවාලු 'හත් පණ' ලිව්වෙ කවුද කියලා.. මූ ටිකක් කල්පනා කරලා කිව්වලු කුමාරතුංග මුනිදාස කියලා.. අම්මටහුඩු ඊටපස්සෙ ලොක්කා ඇහුවාලු 'අමාවතුර' ලිව්වෙ කවුද කියලා.. මූ පොඩ්ඩක් කල්පනා කරාලු.. මතක් වෙන්නෙ නෑලු.. ආයෙ මතක් කරනවලු.. මතක් වෙන්නෙ නෑලු.. ඔන්න ඇම්ඩ ඒ වෙලාවෙලු පොලිසියට එන්නෙ.. මු දන්නෙ නෑලු මේ මුකුත්.. මු ආපු ගමන් එකේක් කිව්වලු ලොක්කාට කියන්න කිව්වලු ගිහින් හදිසි මෙහෙයුමකට යන්න වෙනව කියලා.. ඉතින් ඇම්ඩත් පැනගෙන ලොක්කා ගාවට ගිහින් කිව්වලු.. ඊට පස්සෙ ලොක්කා කිව්වලු 'එහෙනන් මම ගිහින් එනකන් මූගෙන් අමාවතුර ලිව්වෙ කවුද කියලා අහලා තියාගන්න කිව්වලු.. ඉතින් ඇම්ඩත් උඩ පැනගෙන හා කිව්වලු, ඔන්න පස්සෙ ලොක්කා එනකොට අනේ ඉන්ටර්විව් ආපු එකා ශර්ට් එකත් ඉරාගෙන පුටුවත් කඩාගෙන බිමලු.. අම්මටහුඩු ඇම්ඩ මේසෙ උඩ නැගගෙන බැටන් පොල්ල කරකව කරකව ඉන්නවලු වැඩ්ඩ වගේ.. ලොක්ක බයවෙලා අහනවලු සාජන් මොකෝ මේ උනේ කියලා.. එතකොට ඇම්ඩ වැඩ්ඩ වගේ " සර්ල මුන් හුරතල් කරනවනෙ.. මම දෙකයි ඇන්නෙ මූ පිලිගත්තා අමාවතුර ලිව්වෙ මූ කියලා" කිව්වලු.. 

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment